කොරෝනා සමය තුළ මිලින වූ මල් කැකුළු
- කොවිඩ් සමය තුළ ළමා අතවර 40% කින් වර්ධනය වී ඇත.
- මාර්තු මාසය තුළ පමණක් ළමා ලිංගික හිංසනයන් 12 ක්
- මාර්තු මස 16 වනදා සිට ජූනි 16 වනදා දක්වා කාලය තුළ ළමා අපයෝජන පැමිණිලි 3500ක්
යන්නයි.
විද්‍යා ඝාතනය, සේයා ඝාතනය තවමත් අපගේ හද තුළ දෝංකාර දෙන මොහොතක මෑත සති තුන හතර අතර කාලය තුළ එවැනි දූෂණ, අපයෝජන සිදුවීම් රාශියක් නොනවත්වා අපට අසන්නට දකින්නට සිදු වීම අභාග්‍යකි. මෙහි තිබෙන කනගාටුදායකම කරුණ වන්නේ එම සිදුවීම් අතරින් සැලකිය යුතු ප්‍රමාණයකට වගකිව යුත්තෝ එම දරුවන්ගේම මව, පියා, සහෝදරයන්, නෑදෑහිතවතුන් මෙන් ම අසල්වාසීන් වීමයි. ඇතැම් විට ඊට පෙළඹීමට ප්‍රධාන හේතුව කොරෝනා සමයත් සමඟ නිවසට කොටු වීමත් සමඟ සිදු වූ මානසික පීඩාවන් විය හැකිය. එසේත් නොමැතිනම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සිය පාලනය කරගත නොහැකි චිත්තවේගයන් සිය දරුවන් ඔස්සේ මුදා හැරීමයි. මේ ආකාරයට මෙලෙස විනාශ වන්නේ මල් කැකුළු වන්වූ අහිංසක දරුවන්ගේ ජීවිතයි. මෙසේ දරුවන්ගේ ජීවිත අකාලයේ විනාශ වීමට ප්‍රධාන කරුණක් වන්නේ ඔවුන්ගේ දෙමාපියන් සතු නොසැළකිලිමත්භාවය නොවේද?
එසේම කොරෝනා සමය තුළ ප්රබලව මතු වූ තවත් ගැටලුවක් වූයේ ළමා ශ්‍රමික ගැටලුවයි. මෙය සමස්ත ලෝකයම වෙළාගෙන තිබෙන බරපතලම ගැටලුවකි. විශේෂයෙන් තුන්වන ලෝකයේ රටවල් තුළ වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නකි. ඒ අනුව ශ්‍රී ලංකාව ද ඊට ඈඳුණු රටක් බව ඔබ අප සියලු දෙනාම හොඳින් දන්නා කරුණකි. මෙම කාලසීමාව තුළ එවැනි පැමිණිලි රාශියක් ලැබීම ද කනගාටුවට කරුණකි.
මේ ආකාරයට සලකා බලන විට මෙලෙස දිනෙන් දින විනාශ වන්නේ රටේ අනාගත පරපුර භාර ගැනීමට සිටින මල් කැකුළු නොවේද? එහෙයින් ඔවුන් රැක බලා ගැනීම ඔබ අප සියලු දෙනාගේම වගකීම සහා වගවීම බව තරයේ මතක තබා ගත යුතු කරුණකි.

කාලිනව වැදගත් ❤🌼
ReplyDeleteNiyamai
ReplyDeleteNiyamaii
ReplyDelete❣️❣️❣️
ReplyDelete♥️Good job
ReplyDeleteවැදගත් ලිපියක්💛
ReplyDeleteBest
ReplyDeleteTimely❤️
ReplyDeleteSuperb ♥️
ReplyDeleteSuperb❤️❤️❤️
ReplyDeleteවැදගත් ලිපියක්👌💜️
ReplyDelete❤❤
ReplyDeleteවැදගත් 💚
ReplyDeleteවැදගත් ලිපියක් 👍
ReplyDeleteකාලීනව ඉතා වැදගත් සියලු දෙනාගේ අවදානයට ලක් විය යුතු ලිපියක්
ReplyDeleteWadagath lipiyak🤛
ReplyDeleteGodak Watinawa
ReplyDelete