Wednesday, July 21, 2021

කොරෝනා සමය තුළ මිලින වූ මල් කැකුළු




                            2020, 2021 යන වසර ද්විත්වයම මුළු මහත් ලෝකයටම නව ස්වරූපයක් ගෙන දෙන්නට විය. ඊට හේතුව වූයේ කොරෝනා නම් රුදුරු වෛරසයක් සමස්ත ලෝකවාසී ජනතාව වෙළ ගැනීමයි. ඒ හේතුවෙන් ඒ වනවිට පැවති කායික, මානසික, සමාජීය, ආර්ථික යන සෑම ක්ෂේත්‍රයක්ම අඩාල වන්නට විය. එනම් අධ්‍යාපන, රැකියා, ආගමික, දේශපාලනික ආදි සෑම සංස්ථාවක්ම අතරමග නවතා දමන්නට සිදු විය. කොරෝනා වසංගතය නිසාවෙන් නවතා දමා තිබූ අධ්‍යාපනය නැවත මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ආරම්භ කිරීමත් සමඟ පාසල් යන වයසේ සෑම දරුවෙකු අතට ජංගම දුරකථනයක් ලබා දීමට සිය දෙමාපියන් උත්සුක විය. ජංගම දුරකථනයත් සමඟ අන්තර්ජාල පහසුකම ද නොඅඩුව ලැබූ හෙයින් කුතුහලයෙන් පිරි වයස්සීමාවේ පසුවන එම දරුවන් ජංගම දුරකථනයත් සමඳ හුදෙකලා වන්නට විය. ඇතැමුන් සිය අධ්‍යාපන කටයුතු වෙනුවට වෙනස් සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට යොමු විය. මීට ප්‍රධාන හේතුව වූයේ ජංගම දුරකථනය සිය දරුවන්ට ලබා දීමට උත්සුක වූ දෙමාපියන් ඒ සමඟ තනිවන සිය දරුවා පිළිබඳ සොයා බැලීමට තරම් උනන්දුවක් නොදැක්වීමයි. කොරෝනා සමය තුල ළමා අපචාර සහා අපයෝජන, ළමා හිංසන මෙන්ම ළමා ශ්‍රමික ගැටලු ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන හේතුව දෙමාපියන්ගේ එම නොසැළකිලිමත් බව යන්නට හොඳින් වැටහේ. මේ වනවිට එහි ඔබ අප සියලු දෙනාම එහි අහිතකර ප්‍රතිඵල නොඅඩුව භුක්ති විඳිමින් සිටී. එනම් මෑතකාලීනව කුඩා දරුවන් මුහුණ දුන් භයානක සිදුවීම් රාශියක් මේ වනවිට එළිවෙමින් පැවතීමයි. කෙසේ හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්යය මුදිත විදානපතිවරණ මහතා පෙන්වා දෙන්වා දී තිබෙන්නේ,

  • කොවිඩ් සමය තුළ ළමා අතවර 40% කින් වර්ධනය වී ඇත.
  • මාර්තු මාසය තුළ පමණක් ළමා ලිංගික හිංසනයන් 12 ක්
  • මාර්තු මස 16 වනදා සිට ජූනි 16 වනදා දක්වා කාලය තුළ ළමා අපයෝජන පැමිණිලි 3500ක්

                                                                                                                                             යන්නයි.

                        විද්‍යා ඝාතනය, සේයා ඝාතනය තවමත් අපගේ හද තුළ දෝංකාර දෙන මොහොතක මෑත සති තුන හතර අතර කාලය තුළ එවැනි දූෂණ, අපයෝජන සිදුවීම් රාශියක් නොනවත්වා අපට අසන්නට දකින්නට සිදු වීම අභාග්‍යකි.  මෙහි තිබෙන කනගාටුදායකම කරුණ වන්නේ එම සිදුවීම් අතරින් සැලකිය යුතු ප්‍රමාණයකට වගකිව යුත්තෝ එම දරුවන්ගේම මව, පියා, සහෝදරයන්, නෑදෑහිතවතුන් මෙන් ම අසල්වාසීන් වීමයි. ඇතැම් විට ඊට පෙළඹීමට ප්‍රධාන හේතුව කොරෝනා සමයත් සමඟ නිවසට කොටු වීමත් සමඟ සිදු වූ මානසික පීඩාවන් විය හැකිය. එසේත් නොමැතිනම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සිය පාලනය කරගත නොහැකි චිත්තවේගයන් සිය දරුවන් ඔස්සේ මුදා හැරීමයි. මේ ආකාරයට මෙලෙස විනාශ වන්නේ  මල් කැකුළු වන්වූ අහිංසක දරුවන්ගේ ජීවිතයි. මෙසේ දරුවන්ගේ ජීවිත අකාලයේ විනාශ වීමට ප්‍රධාන කරුණක් වන්නේ ඔවුන්ගේ දෙමාපියන් සතු නොසැළකිලිමත්භාවය නොවේද? 

                         එසේම කොරෝනා සමය තුළ ප්‍රබලව මතු වූ තවත් ගැටලුවක් වූයේ ළමා ශ්‍රමික ගැටලුවයි. මෙය සමස්ත ලෝකයම වෙළාගෙන තිබෙන බරපතලම ගැටලුවකි. විශේෂයෙන් තුන්වන ලෝකයේ රටවල් තුළ වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නකි. ඒ අනුව ශ්‍රී ලංකාව ද ඊට ඈඳුණු රටක් බව ඔබ අප සියලු දෙනාම හොඳින් දන්නා කරුණකි. මෙම කාලසීමාව තුළ එවැනි පැමිණිලි රාශියක් ලැබීම ද කනගාටුවට කරුණකි. 


                                   

                        මේ ආකාරයට සලකා බලන විට මෙලෙස දිනෙන් දින විනාශ වන්නේ රටේ අනාගත පරපුර භාර ගැනීමට සිටින මල් කැකුළු නොවේද? එහෙයින් ඔවුන් රැක බලා ගැනීම ඔබ අප සියලු දෙනාගේම වගකීම සහා වගවීම බව තරයේ මතක තබා ගත යුතු කරුණකි. 


17 comments:

  1. කාලිනව වැදගත් ❤🌼

    ReplyDelete
  2. වැදගත් ලිපියක්💛

    ReplyDelete
  3. වැදගත් ලිපියක්👌💜️

    ReplyDelete
  4. වැදගත් ලිපියක් 👍

    ReplyDelete
  5. කාලීනව ඉතා වැදගත් සියලු දෙනාගේ අවදානයට ලක් විය යුතු ලිපියක්

    ReplyDelete