දිනෙන් දින වැඩි වන අන්තර්ජාල අපරාධ
අප ජීවත් වන්නේ අති නවීන තාක්ෂණයක් සහිත සමාජයක් තුළය. තාක්ෂණ ලෝකයේ විල්පවීය සොයා ගැනීම පරිගණකය ලෙස හැඳින් වූවාට කිසිදු වරදක් නැත. එමෙන්ම අද වනවිට පරිගණකයට නොදෙවෙනි තැනක් අප අත තිබෙන ජංගම දුරකතනයට හිමිව තිබේ. පාසල් යන වයසේ දරුවන් අත පවා ජංගම දුරකතනයක් දැක ගත හැකිය. වර්තමාන මාර්ගගත අධ්‍යාපනය නිසාවෙන් ද දෙමව්පියන් කෙසේ හෝ තම දරුවා හට ජංගම දුරකතනයක් මිල දී ගැනීමට උත්සුක වී තිබේ. කෙළදෙළෙන් සෙල්ලම් කළ යුතු දරුවන් ජංගම දුරකතනය සමඟ වෙනම ලෝකයක තනි වී තිබේ. කාර්යයබහුල සමාජය තුල දෙමාපියන්ට සිය දරුවන් මඟ හැරී යාම නිසාවෙන් ඔවුන් පිළිබඳ සොයා බැලීම සිදු වන්නනේ ඉතාමත් කලාතුරකින් වීම කනගාටුවට කරුණකි. අදවන විට මෙම පරිගණක සම්බන්ධ අපරාධ මොහොතින් මොහොත වැඩි වන බවක් දක්නට ලැබේ. අවම දිනකට එක් අපරාධයක් හෝ වාර්තා වන අවස්ථා ඇත.
පරිගණකය හෝ එයට අයත් උපාංග යොදා ගැනීම මඟින් නීතිවිරෝධී ආකාරයට යම් ක්‍රියාවලියක යෙදීම පරිගණක අපරාධයක් බව 2007 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමත කරන ලද පරිගණක අපරාධ පනතේ නිර්වචනය කර ඇත.
අද වනවිට ලෝකය
තුළ ත්‍රස්තවාදය ප්‍රචලිත කිරීමේ ප්‍රධාන මෙවලම පරිගණකය බවට පත්ව තිබේ. එසේ ම
සාමාජිකයන් බඳවා ගැනීම, අරමුදල් රැස් කිරීම, සතුරන් අඩපණ කිරීම ත්‍රස්තවාදී
කණඩායම්වල අන්තර්ජාල භාවිතයේ විවිධ අරමුණු වේ. මීට අමතරව තවත් පිරිසක් පරිගණක
වෛරස් නිර්මාණය කරමින් ආයතනවල හා පෞද්ගලික පරිගණක තුළට ඇතුළු වී අතවශ්‍ය දත්තයන්
සොරා ගැනීම හෝ මකා දැමීම සිදු කරනු ලබයි. තවත් පිරිසක් විසින් වංචාසහගතව තොරතුරු
රැස් කරමින් නීතිවිරෝධී ක්‍රියාවල නිරත වේ.
එසේ ම හැකිං
යනු තවත් පරිගණක අපරාධයකි. එමගින් වෙනත් පුද්ගලයින්ගේ සමාජ ජාල වෙබ් අඩවියට
අනවසරයෙන් ඇතුළු වී දත්ත වෙනස් කිරීම හෝ දත්ත සොරා ගැනීම සිදු කරයි. එවැනි ක්‍රියා
මගින් හැකර්ස්ලගේ තර්ජන ගර්ජනයන්ට හසු වී ජීවිතයෙන් වන්දි ගෙවන ලද ජීවිත ගණන
බොහොමයකි. විශේෂයෙන් මුදල් කොල්ල, ලිංගික අල්ලස් වැනි අපචාරයන් එහි ප්රතිඵලයන්
වේ.මේ ආකාරයට අන්තර්ජාලය හරහා සිදුවන ක්‍රෙඩිට් කාඩ් වංචා, දත්ත විනාශ කිරීම,
මානසික බිය වැද්දීම්, ලිංගික හා මූලම්‍ය අල්ලස් ආදිය ජාත්‍යන්තර අවධානයට ද ලක් ව
ඇත.
එනම් වර්තමානය වනවිට අන්තර්ජාලය තුළ වැරැද්දට පෙළඹෙන ප්‍රධානම අංගය ලෙසින් මුහුණු පොත හඳුන්වා දිය හැකිය. දන්නා නොදන්නා සියල්ලෝම සිය මිතුරන් බවට පත් කර ගනිමින් යම් යම් ක්‍රියා හේතුවෙන් මානසික මෙන් ම කායික වශයෙන් පීඩා විදිමින් ජීවිත් වන පිරිස් කොතෙකුත් ඇත. එම පීඩාව දරා ගැනීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ ජීවිතයෙන් වංදි ගෙවීමයි. බාල, තරුණ, වැඩිහිටි භේදයකින් තොරව සමාජ මාධ්‍ය තුළ සැරිසරති. තමාගේ එදිනෙදා ක්‍රියාකලාපයන් සේම තමාගේ ජීවිතය් වැදගත් අවස්ථා මුහුණු පොතේ පළ කරමින් ද ඇතැම් අය ඒවාට ලයික් ලැබෙන තුරු ද දෑස් දල්වා බලාගෙන සිටිති. මේ ආකාරයට තමා යම් වරදකට හසු වන්නේ තමාටත් නොදැනීමම වීම කණගාටුවට කරුණකි. බොහෝ පිරිස් මේ ආකාරයට සිය වටිනා කාලය අවභාවිතයට ගෙන තිබෙන අතර ඉන් සමහරක් රාජ්‍ය සේවකයන් වීම දුක්මුසු කරුණකි. ඔබ අපට මතක තිබෙන්නා වූ කාලය තුළ පවා තරුණ ජීවිත කොතෙක් නම් මෙසේ සමාජ මාධ්‍ය අවභාවිතය නිසාවෙන් වංදි ගෙවනු ලැබීද? වර්තමානය තුළ පවා සිදුවන්නා වූ අපරාධ සියල්ලකම පාහේ කොනක මෙම සමාජ මාධ්‍ය බැදී පවතී. මේ මොහොත වනවිට පාසල් දරුවන් බොහෝ දෙනෙකුගේ අතට මෙම ජංගම දුරකතනය නැමැති වෙස් වලාගත් රකුසා පැමිණ ඇත. ඔවුන් සිය නොදැනුවත්කම සමඟ මෙය අවභාවිතය කරන බවට කිසිඳු සැකයක් නැත. එහෙයින් අපරාධ හා සම්බන්ධ වීමට තිබෙන ඉඩකඩ වැඩිය. නමුත් සිය දෙමවිපියන් හෝ අනෙකුත් සමාජානුයෝජන ආයතන නිරන්තරයෙන් මෙවැනි අපරාධ පිළිබඳ දැනුවත් කරන්නේ නම් ඉතාමත් අගනේය. එසේම සමාජ මාධ්‍යයන්ට මේ පිළිබඳ දැනුවත් කිරීමක් කළ හැකිය. එවිට ලංකාව තුළ හෝ යම් ආකාරයකට මෙවැනි අපරාධ සිදු වීම අවම කරගත හැකිවනු ඇත.


Great👌👌❤️
ReplyDelete👌👌❤
ReplyDeleteවැදගත්..🌼
ReplyDeleteBest
ReplyDelete👍 good
ReplyDeleteWatina kthwak ek
ReplyDeleteCriminal mind
ReplyDelete❤️
ReplyDeleteImportant
ReplyDeleteGood job😘😘
ReplyDeleteGood💛
ReplyDelete👌
ReplyDeleteBest❤️
ReplyDelete👍👍👍
ReplyDeleteBest💜️💜️
ReplyDelete👍
ReplyDeleteGood article
ReplyDeleteවැදගත්
ReplyDeleteImportant
ReplyDelete