ගුවන් විදුලියේ රජරට රජු.
වර්ෂ 1966 ක් වූ අප්‍රෙල්
මස 15 වන දින නිර්දේශ 12 කින් සමන්විත කොමිෂන් සභා වාර්තාව නිකුත් කොට ඇත.
දොළොස්වැදෑරුම් යෝජනා සහිත හුළුගල්ලේ කොමිෂන් සභා වාර්තාව මඟින් යෝජනා කොට ඇති ප්‍රධානතම
කරුණ නම් ගුවන් විදුලිය ප්‍රාදේශීව ව්‍යාප්ත කළ යුතු බවයි. ඒ අනුව ප්‍රාදේශීය
වශයෙන් විසිරී සිටින ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලමින් ඔවුනිගේ හැකියා ජාතික
තලයට ගෙන ඒමටත් අදාළ ප්‍රදේශවල සංවර්ධන කටයුතු සන්නිවේදනයත් ඒ මඟින් සහභාගීත්ව
සංවර්ධන වෑයම සාර්ථක කර ගැනීමත් අරමුණු කොටගෙන මෙසේ ප්‍රාදේශීය ව්‍යාප්ත කිරීම
ආරම්භ වී ඇත.
මේ අනුව යමින් වර්ෂ 1979 ක් වූ අප්‍රේල් මස 12 වැනිදා අපමණක් පෙරදැරිව
නිහඬ රජරට ගුවන් වා තලය හා මුසු වූ රජරට සේවය ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රාදේශීය
ගුවන් විදුලිය ලෙස ඉතිහාසයට එක් වී දැන් වසර 40 ක් ගත වී හමාරය. එවක
අනුරාධපුර ගුවන් තොටුපළ ආසන්නයේ කුඩා මැදිරියක ආරම්භ කළ රජරට සේවයේ ප්‍රථම අධ්යක්ෂවරයා
වූයේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිටි ප්‍රවීණ ප්රවෘත්ති නිවේදකයෙකු ලෙස ප්රකටව සිටි
සිරිල් රාජපක්ෂ මහතාය. ප්‍රේමකීර්ති ද අල්විස්, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, විජයානන්ද
ජයවීර, සෝමසිරි චන්ද්‍රසේන, සේන ගුණසේකර, එම්.පී. නානයක්කාර ආදීන් එවක ගුවන්
විදුලි මාධ්‍යයේ දැවැන්තයන් සේ පිළිගෙන පිරිසක් මේ මුල් කණ්ඩායම සමඟ රජරට පැමිණියේ
බක් මාසයේ උදාවන වසන්තය දිගුකාලීනව සාක්ශාත් කරලීමේ අරමුණු වෙනුවෙනි. රජරට ගුවන්
විදුලියේ ආරම්භක ප්රවෘත්ති අංශ ප්‍රධානි ලෙස පැමිණි ප්‍රකට ගත් කතුවරයෙකු වූ
ෆොන්සේකා මහතා ද මෙසේ පැමිණි පිරිස අතරට විය.
අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල,
මාතලේ සහා ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්ක හා කෑගල්ල, වව්නියාව, අම්පාර, මුලතිව්,
මඩකලපුව, මහනුවර, ගම්පහ යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ ද ආවරණය වන පරිදි ආරම්භ
කළ රජරට සේවය ශ්රාවකනය් අතර තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් අනුරාධපුරය, මෛත්‍රීපාල
සේනානායක මාවතේ කඩපනහ ඉදිරිපිට නව මැදිරි සංකීර්ණයක් ඇරඹෙන්නේ 1985 වසරේදීය.
එවකට ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාව සිටි
ඒමන් කාරියකරවන මහාගේ ආරාධනයෙන් ජේ. ආර්. ජයවර්ධන රජයේ ගුවන් විදුලිය හා ප්රවෘත්ති
රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ආනන්ද තිස්ස ද අල්විස් මහතාගේ සුරතින් එම වසරේ ජනවාරි 22
වෙනිදා මෙම නව මැදිරි සංකීර්ණය විවෘත
වන්නේ නව පහසුකම් සහිත විශාල පටිගත කිරීමේ මැදාරායක්, අංග සම්පූර්ණ සම්බන්ධතා
මැදිරියක් හා සංස්කරණ කටයුතු සඳහා තවත් මැදිරියක් සහාතවය. කාර්යාල පහසුකම් ද මෙම
නව දෙමහල් ගොඩනැගිලි මැදිරි සංකීර්ණය හා යාව ඇත.
රස නීරස මුසු පුරා දශක තුනකට වැඩි කාලයක් සිවිල් රාජපක්ෂගෙන් ආරම්භ වී ශ්‍රීපාලි වයර්මන්, හිල්ටන් පෙරේරා, ජී.ටී.වික්‍රමසිංහ, තිලක් සුදර්මන් ද සිල්වා, ඩී.එස් දයාරත්න, විජයානන්ද ජයවීර, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ගුණදාස කපුගේ, කිත්සිරි අලුත්ගේ, කපිල රත්නායක, ජෝතිපාල තෙබුවන, ශ්‍රියානි සමරනායක යන මහත්ම මහත්මීන් රජරට සේවයේ පාලකයරු සහා අධ්යක්ෂවරු ලෙස ක්‍රියා කළහ.
රජරට ගුවන් විදුලි ඉතිහාසයේ ස්වර්ණමය යුගය ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් අධ්යක්ෂ ධූරය හෙඹ වූ වකවානුව බව අවිවාදීව බොහෝ දෙනෙකු පිළිගන්නා කරුණකි. හේනේ, කුඹුරේ, මායිමේ, පැලේ, කමතේ පාළුවෙන් කාන්සියෙන් රැය පහන් කළ ගැමි ජන ජීවිත වෙත ගලා ආ දුක්ඛ, දෝමනස්ස, සතුට සොම්නස හා මුහුවෙමින් රජරට ගුවන් විදුලිය ජනතාවට වඩාත් සමීප වැඩසටහන් රැසක්ම එවක ශ්‍රාවකයන් වෙත සමීප කොට ඇත්තේ නවමු අත්දැකීමක පහස නොඅඩුව පිරිමනමිනි. එතෙක් අගනුවර කේන්ද්‍රීයව පැවති ගුවන් විදුලිය මෙසේ ඈත ගම්මැදිවල පය ගසන්නට වීම ශ්‍රාවක අමන්දානන්දයට හේතු වූවා පමණක් නොව ඔවුනට එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නැවුම් අත්දැකීමක් වී ඇති බව නොරහසකි.
මෙම වැඩසටහන් බොහොමයක් සම්පාදනය වී ඇත්තේ ජනහදට වඩාත් සමීපව සත්‍ය දැනුම හා වින්දනය කැටි කළ ගුණාත්මක හා අධ්‍යාපනික සේවාවන් ශ්රාවකයා වෙත ලබාදිය යුතුය යන රජරට ගුවන් විදුලියේ තේමාවට මනාව ගැළපෙන පරිදිය යන්න විද්වත් පිළිගැනීම වී ත්බේ. විශේෂයෙන් දශක තුනකට එපිටින් ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් ඉදිරිපත් කළ පිලේ පැදුර හා සමාන ආකෘතියක් හා අන්තර්ගතයකින් යුත් කාලීන වැඩසටහන් වත්මන් විද්්‍යුත් මාධ්‍ය භාවිත දක්නට නැතැයි යන්න විචාරක මතය වී තිබේ.එදිනෙදා සමාජයේ සිදුවන සිදුවීම් අපූර්වත්වයෙන් ප්‍රතිනිරිමාණය කළ“ පිලේ පැදුර” වටා එවක ශ්‍රාවකයන් රොඳ බැඳ ඇත්තේ කිසිඳු වයස් භේදයකින් හෝ තොරවය යන්න අද ද අවිවාදිතය.
දඬුවම් මාරුවක් ලබා 1961 දී රජරට සේවයේ සංගීත අංශයේ ප්‍රධානියාව ආ සොඳුරු මිනිසා දිවංගත විශාරද ගුණදාස කපුගේ මහතා රජරට ආධුනික ගායක ගායිකාවන් රැසකට සංගීත කරළියට ඒමට මඟ හසර පාදා දුන්නේ ය යන්න අදද අපමණ දෙනෙකුගේ පිළිගැනීමට පාත්රව පවති. ගුණදාස කපුගේ සහා ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් එක්ව දියත් කළ නව රැල්ල, නව පදමාලා, ස්වර මාධවී, සරල ගී වැනි වැඩසටහන් හරහා ස්වතන්ත්‍රී ගී නිරිමාණය කරමින් මෙසේ කරලියට ආ කලාකරුවන් ගණනාවකි.වර්ථමානයේ විවිධ ජනප්‍රිය කලා මාධ්‍යන් තුළ නිතර දකින ඇගයීමය ලක්වන අපමණක් ශිල්පීන් රජරට ගුවන් විදුලිය ඔස්සේ ක්ෂේත්රයට පිවිසි අයවලුන් බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. සමහරෙකු අද පසුවන ප්රබුද්ධ පසුබිමෙයි හිඳ තම කලා දිවියට අත්පොත් තැබූයේ රජරට ගුවන් විදුලිය හරහාය යන්න පැවසීමට තරම්වත් කෘතවේ දී නොවන බව ද පවසන්නකි. 1989 භීෂණ යුගයේ රජරට සේවයේ සහන නිවේදකයෙකු ලෙස ද කටයුතු කොට ඇති ජනප්‍රිය ගායනාව්දී කරුණාරත්න දිවුල්ගනේ මහතා රජරට සේවය හරහා ගායන ලොවට පිවිසියේ කපුගේ ශූරීන් කැපූ මඟ ඔස්සේ නිවරැදිව පා තැබීමෙන්ය. ජයතිලක බණ්ඩාර, නිශාන්ත මුණසිංහ, කුමුදුණී ගුණවර්ධන, ජානකී සුමිත්‍රා දිසානායක, වික්ටර් ලියනගේ, සේනානායක වේරලියද්ද, ක්‍රිශාන්ත එරන්දක වැනි අය රජරට සේවය මඟින් බිහි වූ එවැනි කුසලතා පූර්ණ ගායක ගායිකාවෝ කිහිප දෙනෙකි.
පල්ලේගම හේදරතන හිමි, මහින්ද චන්ද්‍රසේකර, රංජිත් රූපසිංහ, රෝහණ දංදෙනිය,
කරුණාරත්න ජයතිලක, සීතා රංජනී, නිමල් ආනන්ද වැනි ගී පද රචකයන් ද සිරිල් පෙරේරා,
නාලක අංජන කුමාර, උපාලි ජයලත්, චන්ද්‍රපාල කුරුවිටගේ, සෝමදාස සූරිආරච්චි වැනි
සංගීතවේදීන් ද රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ රජරට ගුවන් විදුලිය ඔවුන්ගේ කුසලතා
ඔප දැමීමට මඟ හසර එළිපෙහෙළි කිරීමෙනි. වර්ථමානයේ වේදිකාවේ නිතර දකින මහින්ද පතිරගේ
සහා ගුණදාස මදුරසිංහ දෙපළගේ ගුරු ගෙදර වී ඇත්තේ ද රජරට ගුවන් විදුලියමය. අද වනවිට
ද බොහෝ වැඩසටහන් සංරක්ෂණය කොට ඇති තැටි ගබඩාව රජරට සේවය සතු සම්පත්ව පවතී.
කාලානුරූපීව නූතන සමාජ, දේශපාලනික හා ආර්ථික තත්වයන් සමඟම මහජන සේවයක්ව පැවති ගුවන් විදුලියට විවිධ අභියෝග සහා බාධකවලට මුහුණ පෑමට සිදුව තිබේ. දැනුම, යහපත් රසවින්දනය පසෙකලා මුදල් මත පදනම් වූ විසල් ලෝකයක ශ්රාවකයින් අතරමං කිරීමේ වෑයම කරලියට පැමිණ ඇත. මේ අභියෝගය වර්තමානය වනවිට සිහිල් වෑදිය නිල්ල හා සිරිමා බෝ සමිඳු පිස හමා ආ මඳ පවනේ පහස විදිමින් පුරා දශක හතරකට අධික කාලයක් වියපත්ව ඇති රජරට සේවයට ද සාධාරණව පවතී.


වටිනා ලියමනක් 👍💜️
ReplyDeleteBest
ReplyDelete👌👍👍
ReplyDeleteEla
ReplyDelete😍😍😍😍👍👍
ReplyDelete😍😍😍👍👍
ReplyDelete💜️💜️💜️
ReplyDeleteNiyamai
ReplyDelete👍👍👍
ReplyDeleteWow niyamai
ReplyDeleteGood article 👍
ReplyDeleteBEST 👍
ReplyDeleteGreat🎉️
ReplyDeleteඅසන්නෙක්
ReplyDelete👌
ReplyDelete👍👍👍
ReplyDeleteSuper 👍
ReplyDelete❤️
ReplyDelete👌👌👌
ReplyDeleteGreat
ReplyDeleteVery important words
👌❤️😍
ReplyDelete