Sunday, October 11, 2020

වාරණය.

 

              වාරණය. 
  
            වාරණය යන්න සරල අදහස ලෙස නිර්මාණයක් නීතිමය තහනමකට යටත් කිරීම දැක්විය හැකි ය. පාලනය කරනු ලබන පිරිසක් හෝ එම පිරිස විසින් පනවනු ලබන මණ්ඩලයක් විසින් හෝ ජනතාවගේ හිතසුව පිණිස වාරණ නීති මාලාවන් වරින් වර පනවනු ලබයි. ඒ අනුව ඇතැම් ලේඛන පරික්ෂා කිරීම තහනම් කිරීම, ඇතැම් ජන මාධ්‍ය පාලනය කිරීම හා ඒවා මඟින් ප්‍රකාශ කරනු ලබන දේ පාලනය කිරීම හෝ තහනම් කිරීම යන කාර්යයන් ක්‍රියාත්මක වේ යැයි මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් වාරණය නිර්වචනය කරයි.

 

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය වාරණය යන්න මෙසේ දක්වයි.

 

ලිපි හෝ වාර ප්‍රකාශන, නාට්‍ය, සිනමා ආදිය පරීක්ෂා කිරීමේ හා සදාචාරයට විරුද්ධ වූ හෝ වෙනත් අයුරකින් අහිතකර වූ දෙය දුරාචාරය ලෙස සලකා ඔිනෑම දෙයක් කපා හැරීමේ බලය වාරණය වේ

 

වාරණයේ ප්‍රභේද ගණනාවක් ඇත.ඉන් කිහිපයක් ලෙස,
·        රාජ්‍ය වාරණය.
·        හමුදාමය වාරණය.
·        අන්තර්ජාල වාරණය.
·        රූපවාහිනී වැඩසටහන් වාරණය.
·        ආගමික වාරණය.
·        සිනමා වාරණය.
·        ගීත,සංගීත වාරණය.
                                                                                                       දැක්විය හැකි ය.
              මෙහි දී අප සාකච්ඡා කිරීමට ප්‍රමුකත්වය ලබාදෙනුයේ මාධ්‍ය වාරණය සම්බන්ධවයි.මුද්‍රිත මාධ්‍ය, ශ්‍රව්‍ය මාධ්‍ය, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය, නව මාධ්‍ය ආදී සෑම මාධ්‍යක්ම ග්‍රාහකයා වෙත සන්දේශ රැගෙන යාමට පෙර විවිධ වාරණයන්ට සන්දේශය භාජනය කරනු ලබයි.
 
 
ලංකාවේ මුද්‍රිත මාධ්‍ය තුළ සිදු කර ඇති වාරණයන්ට නිදසුන් කිහිපයක් නම්,

 

  • 1915 දී යුධ නීතිය පාදක කර ගනිමින් අධිරාජ්‍ය විරෝධී ලිපි පළ කළා යැයි සරසවි සඳරැස පුවත්පත වාරණයට ලක්කර තිබේ.
  •   සිංහල බෞද්ධයා, සමසමාජ පුවත්පත ද පසුකාලීන ව වාරණයට ලක් කර තිබේ.
  •   1968 දී ටෙනිසන් පෙරේරාගේ දැති රෝදෙන් උපන් කෘතිය වාරණයට ලක් වීම.මෙහි යොදා තිබෙන නාමය හේතුවෙන් බුදුන් වහන්සේට හා ආගමට අපහාසයක් යැයි සඳහන් කර මෙම පොත වාරණය කර තිබේ.නමුත් මෙයි අඩංගු වී ඇත්තේ කාර්මික සමාජ විප්ලවයක් පාදක කරගත් කතායකි. මෙම කෙටිකතා සංග්‍රහයේ පිටපත් සායල්ල රාජසන්තක කිරීමටත් ඉන් ලැබුණු ආදායම් සියල්ල රජයට ලබා ලැනීමටත් කටයුතු කර ඇත.
  •  2000 දී මංජුල වෙඩිවර්ධනයන්ගේ මේරි නම් වූ මරියා නම් කෙටිකතා සංග්‍රහය වාරණය වී ඇත. මෙම පොත තහනමට හේතුව වශයෙන් සඳහන් කරන්නේ පොතේ කවරයේ කොන්තයක් සහිත අඩනිරුවත් කාන්තා පින්තූරයක් තිබීමයි. 
  •  2017 දී මෙරට යාපනය රේගු දෙපාර්තමේන්තුව දෙමළ භූමිය නම් දීපච් චෙල්වන් රචනා කළ කෘතිය කතුවරයා වෙත භාර නොදී වාරණය කර ඇත.
  •  මෑතකාලීනව කේ.කේ ශ්‍රීනාත්ගේ බුදුන්ගේ රස්තියාදුව කෘතිය වාරණය.
                                                                                                                 දැක්විය හැක.
ලාංකේය සිනමාවේ සිදු කර ඇති වාරණයන්ට නිදසුන් කිහිපයක් ලෙස,

 

  • සිනමා වාරණය සම්බන්ධයෙන් ලංකාවේ මුල්වරට මහජන ප්‍රදර්ශනයට තැබීම තහනම් වූ චිත්‍රපටය නූර්බායි විසින් 1921 දී ගෙන්වන ලද ලයිට් ඔෆ් ඒෂියා නිහඬ ඉන්දීය චිත්‍රපටියයි.
  •  ලංකේය සිනමාවේ මුල්වරට තිරගත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වූ චිත්‍රපටය 1960 දී එල්.එස් රාමචන්ද්‍රන් විසින් අධ්‍යක්ෂණය කරන ලද නළගන චිත්‍රපටයයි.
  • 1979 දී ශිවන්ත අර්ථසාද් නිර්මාණය කළ දුටුගැමුණු චිත්‍රපටය වාරණය කිරීම.
  •  1981 දී ගාමිණී ෆොන්සේකා අධ්යක්ෂණය කළ සාගරයක් මැද එම දශකයේ වඩාත් ආන්දෝලනයට තුඩු දුන් තහනමක් සහිත සිනමා නිර්මාණයකි.
  •  1997 දී ප්රසන්න විතානයන්ගේ පුරහඳ කළුවර චිත්‍රපටය වාරණය.මෙය සිංහල සිනමාවේ නිර්මාණ නිදහස හා වාරණය පිළිබඳ හැරවුම් ලක්ෂයක් සනිටුවහන් කරයි.2001 දී මෙය නැවත මහජන ප්‍රදර්ශනය ආරම්භ කර ඇත.
  •  අශෝක හඳගමයන්ගේ අක්ෂරය චිත්‍රපටය වාරණය.මෙය කිසිදාක ලංකාවේ ප්‍රදර්ශනය කර නොමැත.
  •  සත්‍යජිත් මාඉටිපේ අධ්ක්ෂණය කළ බොරදිය පොකුණ සිනමා කෘතියේ වැඩ 2004 දී අවසන් වන නමුත් 2010 වසර තෙක්ම රැඟුම්පාලක මණ්ඩල අවසරය නොලැබෙන අතර 2015 දී මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරයි.
  •  ප්‍රවීණ සිනමාවේ දී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඩයි චිත්‍රපටය වාරණය කිරීම.
  •   සංජීව පුෂ්පකුමාරයන්ගේ ඉඟිලෙන මාළුවෝ චිත්‍රපටය වාරණය කිරීම.
  •  විමුක්කි ජයසුන්දරයන්ගේ සුළඟ එනු පිණිස සිවිල් හා දේශපාලනික පහර දීම් හේතු කරගනිමින් වාරණය.
රූපවාහිනී මාධ්‍ය විවිධ වූ වාරණයන් සිදු කර ඇත.

 

  •  ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ සත්යාගාරය සඳහා පෙරටුගාමී පක්ෂයෙහි කුමාර ගුණරත්නම් සහභාගී වූ වැඩසටහන විකාශනය අවලංගු කිරීම.
  • කෝපි කඩේ ටෙලි නාට්‍යයේ එක් කතාංගයක් වාරණය.
  • 1990 දී අවසඳ චිත්‍රපටය වාරණය.
                    එසේ ම මෑත කාලයේ නව මාධ්‍ය හා සම්බන්ධව ද වාරණයන් සිදු විය. ඊට නිදසුනක් ලෙස මුස්ලිම් සිංහල ආරවුල පදනම් කර ගන්මින් සමාජජාලා මාධ්‍යන් වූ ෆේස්බුක්, වට්ස්ඇප්, ඉමෝ ආදිය වාරණය දැක්විය හැකි ය.

 

මේ ආකාරයට විවිධ වූ හේ තූන් මත මාධ්‍ය වාරණය සිදු කරනු ලබයි.

 



20 comments:

  1. නැවතීමක් නැති දෙයක්

    ReplyDelete
  2. වැදගත් ලිපියක්

    ReplyDelete