Monday, October 5, 2020

සිංහල ජනකවිය.

 

          සිංහල ජනකවිය

         අතීත ජනයා තමන්ගේ  කාන්සියත්,වෙහෙසත් නිවා ගැනීම සඳහා යොදාගත් ජනකවිය  විවිධ ක්ෂේත්‍රයන්,වෘත්තීන් ඔස්සේ නිර්මාණය වී ඇත. මෙම ජන කවි ගැමියාගේ ස්වයං නිර්මාණ වශයෙන් දැක්විය හැක.සෑම සාහිත්‍යෙක ම වාගේඋගත් කවීන්ගේ මෙන් ම ජන කවීන්ගේ නිර්මාණ දක්නට ලැබේ. සිංහල කවීන්ගේ ද මේ ස්භාවය ඇත. උගත් කවීහු සම්මත විවරණ රීති හා ඡන්දස් අලංකාර රීතීන්ට අනුගත වෙමින් නිර්මාණකරණයේ යෙදෙති. සම්භාව්‍ය කාව්‍ය ගණයෙහිලා සැළකෙන සිළුමිණ, සසදාවත යන ගී කාව්‍යන්ගේ පටන් සන්දේශ කාව්‍ය ආදී බොහෝ පැරණි කෘතීන්හි නිරූපණය වන්නේ විදග්ධ කාව්‍ය රීතියයි. 

         ජනකවිය බිහි වූයේ විධිමත් අධ්‍යාපනයක් නොලබනා ලද සාමාන්‍ය ගැමි ජනයා අතුරෙනි. යම්කිසි ජන කොට්ඨාසයක සිතුම් පැතුම්,ජීවනෝපාය,ආගමික පෝෂණය හා ගැමි සෞන්දර්යය ද කවිය මඟින් හෙළි විය.ජනකවි ජනශ්‍රැති විශේෂයක් ලෙස ද සැළකේ. ඊට හේතුව තාලාන්තරයක් මුළුල්ලෙහි නිර්මාණය වී ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට අලිඛිතව පැවත ඒමයි. පැල් කවි, පාරු කවි,නෙළුම් කවි,පතල් කවි ආදී විවිධ ජනකවි ප්‍රභේද අද ලිඛිත ව ඇතත් මේවා අපට උරුමව ඇත්තේ කටින් කට පැතිරෙමින් පරපුරෙන් පරපුරට ආරක්ෂා වූ නිසා ය. සිංහල ජනකවි අතරට ගැනෙන ලිඛිත ජන කාව්‍ය ග්‍රන්ත කිහිපයක් ද ඇත. යශෝධරාවත, වෙස්සන්තර ජාතක කාව්‍ය, ගජමන් නෝනා යනු ඒවාය.

     වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් සරල කෘෂිකාර්මික සමාජය ජනකවිය සඳහා උල්පත විය. ගොයම් කවි,නෙළුම් කවි,පැල් කවි, කුරක්කන් කවි ආදී වශයෙන් ජනකවියෙහි විවිධ ස්වරූප අපට දැකිය හැක්කේ හේන් හා පැල ඇසුරු කොටගෙන ය.ගැමි කතුන් ගොයම් පැල සිටුවීම,වල් පැල ඉදිරීම ආදී දර්ශනයන් උපයෝගී කරගෙන සහජ කුසලතා බවින් පිරිපුන් ජන කවියෙකුගේ අතින් රසවත් කවියකට පෙරළී තිබේ.එසේ ම ගොවීන් පැල් රැකීමේ දී සිය පාළුව,කාන්සිය අනෙකාට ප්‍රකාෂ කළ විශිෂ්ට කලාවක් ලෙස ජනකවිය හැඳින්විය හැකිය.

පැල් කවි.

ලස්සන හිමවතේ මා වී 

පැසෙන්නේ

දුක්දෙන අලි ඇතුන් පන්නා

හරින්නේ.ත

රැක්මෙන දෙවියනේ වෙල බත්

බුදින්නේ

දුප්පත්නම නිසයි මම පැල්

රකින්නේ.

නෙළුම් කවි.

තෙල් ගාලා හිස පීරන්

නෑනෝ

ඇටවැල අරගෙන බැඳගන්

නෑනෝ

සේලේ ඉණවට ඇදගන්

නෑනෝ

ගොයම් නෙළන්නට අපි යමු

නෑනෝ.


23 comments: