බ්‍රසීලයේ සර්ප කොදෙව්ව.....
නම ඇසූ පමණින් ඇඟ කිලිපොලා යන මෙම සර්ප දූපත පිහිටා තිබෙන්නේ බ්‍රසීලයේ සිට 3km ක් දුරින් වන අත්ලාන්තතික් සාගරයේය. අවුරුදු 11000කට වඩා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අක්කර 110ක විශාල වැසි වනාන්තරයකින් වැසුණු මෙම දූපතේ උග්‍ර විෂ සහිත සර්පයින් හැර වෙනත් කිසිවකු වාසය කරන්නේ නැත. වාර්තා වන ආකාරයට සර්ප දූපතේ විවිධ සර්පයින් 4000කට වඩා ජීවත් වේ. ලෝකයේ උග්‍ර විෂ සහිත සර්පයා ලෙස සැලකෙන රන් හිස සහිත පොළඟා ද මෙම දූපතේ වාසය කරයි. ගණනයන්ට අනුව දූපතේ වර්ග මීටරයක් තුළ සර්පයින් 5 දෙනෙකු ජීවත් වේ. ඒ අනුව දූපතට ගොඩ බසින්නේකු හට අඩි 3ක ප්‍රමාණයක් දුර යාමට නොහැකි අතර කෙසේ හෝ ඔහු සර්ප ප්‍රහාරයකට ලක් වීම නොඅනුමානය.
කෙසේ වෙතත් මෙම සර්ප දූපතේ ප්‍රදීපාගාරයක් පිහිටා ඇති අතර එහි නඩත්තු කටයුතු බ්‍රසීල නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි. නඩත්තු කටයුතු සිදු කරන කිසිදු අවස්ථාවකදී ඔවුන් වෙරළ සමීපයට පය ගසන්නේ නැත. මන්ද සර්ප දූපතේ වෙරළට සමීප වීම එතරම්ම භයානක බැවිනි.
ඇත්ත වශයෙන්ම මෙම දූපතට මෙතරම් සර්පයින් කෙසේ පැමිණ ඇත්ද? ඇතැම් අය පවසන්නේ දූපතේ සඟවා තිබෙන වස්තුව ආරක්ෂා කිරීමට ඈත ඉතිහාසයේ මුහුදු කොල්ලකරුවන් විසින් දූපතට සර්පයින් දමා ගොස් ඇති බවයි. එසේම විද්‍යාඥයින් සඳහන් කරන ආකාරයට දූපතේ සර්ප ගහණය දිනෙන් දින ඉහළ යන බවයි. එමෙන්ම වසර දහස් ගණනක් පුරාවට පරිණාමය වීම හේතුවෙන් මේ වනවිට විකෘති ජාන සහිත සර්පයින් පවා මෙහි වාසය කරන බවට විශ්වාස කෙරේ.