Thursday, October 22, 2020

ගුවන් විදුලියේ රජරට රජු

 

          ගුවන් විදුලියේ රජරට රජු.


'


   වර්ෂ 1966 ජූනි මස 21 වෙනිදා පත් කෙරුණු ගුවන් විදුලි කොමිෂන් සභාව ලංකා ගුවන් විදුලියේ ඉදිරි අනාගත ගමන තීරණය කිරීමෙහිලා ඉතා දැඩි සහා සාධනීය බලපෑමක් සිදුකොට ඇත. හර්බට් හුළුගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු මෙම කොමිෂන් සභාව හුළුගල්ල කොමිෂම යන නමින් ප්‍රසිද්ධියට පත්ව ඇත. හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි හිමි, එස්.රාජනායගම්, එච්.එච්.එස්.ඉස්මායිල්, ආර්.එච්.පෝල්, පියසේන නිශ්ශංක යන මහත්වරුන් මෙම කොමිසමේ අනෙකුත් සමාජිකයන් ලෙස කටයුතු කොට තිබුණි.

          වර්ෂ 1966 ක් වූ අප්‍රෙල් මස 15 වන දින නිර්දේශ 12 කින් සමන්විත කොමිෂන් සභා වාර්තාව නිකුත් කොට ඇත. දොළොස්වැදෑරුම් යෝජනා සහිත හුළුගල්ලේ කොමිෂන් සභා වාර්තාව මඟින් යෝජනා කොට ඇති ප්‍රධානතම කරුණ නම් ගුවන් විදුලිය ප්‍රාදේශීව ව්‍යාප්ත කළ යුතු බවයි. ඒ අනුව ප්‍රාදේශීය වශයෙන් විසිරී සිටින ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලමින් ඔවුනිගේ හැකියා ජාතික තලයට ගෙන ඒමටත් අදාළ ප්‍රදේශවල සංවර්ධන කටයුතු සන්නිවේදනයත් ඒ මඟින් සහභාගීත්ව සංවර්ධන වෑයම සාර්ථක කර ගැනීමත් අරමුණු කොටගෙන මෙසේ ප්‍රාදේශීය ව්‍යාප්ත කිරීම ආරම්භ වී ඇත.

          මේ අනුව යමින් වර්ෂ 1979 ක් වූ අප්‍රේල් මස 12 වැනිදා අපමණක් පෙරදැරිව නිහඬ රජරට ගුවන් වා තලය හා මුසු වූ රජරට සේවය ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රාදේශීය ගුවන් විදුලිය ලෙස ඉතිහාසයට එක් වී දැන් වසර 40 ක් ගත වී හමාරය. එවක අනුරාධපුර ගුවන් තොටුපළ ආසන්නයේ කුඩා මැදිරියක ආරම්භ කළ රජරට සේවයේ ප්‍රථම අධ්‍යක්ෂවරයා වූයේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සිටි ප්‍රවීණ ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස ප්‍රකටව සිටි සිරිල් රාජපක්ෂ මහතාය. ප්‍රේමකීර්ති ද අල්විස්, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, විජයානන්ද ජයවීර, සෝමසිරි චන්ද්‍රසේන, සේන ගුණසේකර, එම්.පී. නානයක්කාර ආදීන් එවක ගුවන් විදුලි මාධ්‍යයේ දැවැන්තයන් සේ පිළිගෙන පිරිසක් මේ මුල් කණ්ඩායම සමඟ රජරට පැමිණියේ බක් මාසයේ උදාවන වසන්තය දිගුකාලීනව සාක්ශාත් කරලීමේ අරමුණු වෙනුවෙනි. රජරට ගුවන් විදුලියේ ආරම්භක ප්‍රවෘත්ති අංශ ප්‍රධානි ලෙස පැමිණි ප්‍රකට ගත් කතුවරයෙකු වූ ෆොන්සේකා මහතා ද මෙසේ පැමිණි පිරිස අතරට විය.

       අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල, මාතලේ සහා ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්ක හා කෑගල්ල, වව්නියාව, අම්පාර, මුලතිව්, මඩකලපුව, මහනුවර, ගම්පහ යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ ද ආවරණය වන පරිදි ආරම්භ කළ රජරට සේවය ශ්‍රාවකනය් අතර තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් අනුරාධපුරය, මෛත්‍රීපාල සේනානායක මාවතේ කඩපනහ ඉදිරිපිට නව මැදිරි සංකීර්ණයක් ඇරඹෙන්නේ 1985 වසරේදීය.

     එවකට ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාව සිටි ඒමන් කාරියකරවන මහාගේ ආරාධනයෙන් ජේ. ආර්. ජයවර්ධන රජයේ ගුවන් විදුලිය හා ප්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ආනන්ද තිස්ස ද අල්විස් මහතාගේ සුරතින් එම වසරේ ජනවාරි 22 වෙනිදා මෙම නව මැදිරි සංකීර්ණය විවෘත වන්නේ නව පහසුකම් සහිත විශාල පටිගත කිරීමේ මැදාරායක්, අංග සම්පූර්ණ සම්බන්ධතා මැදිරියක් හා සංස්කරණ කටයුතු සඳහා තවත් මැදිරියක් සහාතවය. කාර්යාල පහසුකම් ද මෙම නව දෙමහල් ගොඩනැගිලි මැදිරි සංකීර්ණය හා යාව ඇත.

          රස නීරස මුසු පුරා දශක තුනකට වැඩි කාලයක් සිවිල් රාජපක්ෂගෙන් ආරම්භ වී ශ්‍රීපාලි වයර්මන්, හිල්ටන් පෙරේරා, ජී.ටී.වික්‍රමසිංහ, තිලක් සුදර්මන් ද සිල්වා, ඩී.එස් දයාරත්න, විජයානන්ද ජයවීර, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ගුණදාස කපුගේ, කිත්සිරි අලුත්ගේ, කපිල රත්නායක, ජෝතිපාල තෙබුවන, ශ්‍රියානි සමරනායක යන මහත්ම මහත්මීන් රජරට සේවයේ පාලකයරු සහා අධ්‍යක්ෂවරු ලෙස ක්‍රියා කළහ.

       


         රජරට ගුවන් විදුලි ඉතිහාසයේ ස්වර්ණමය යුගය ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් අධ්‍යක්ෂ ධූරය හෙඹ වූ වකවානුව බව අවිවාදීව බොහෝ දෙනෙකු පිළිගන්නා කරුණකි. හේනේ, කුඹුරේ, මායිමේ, පැලේ, කමතේ පාළුවෙන් කාන්සියෙන් රැය පහන් කළ ගැමි ජන ජීවිත වෙත ගලා ආ දුක්ඛ, දෝමනස්ස, සතුට සොම්නස හා මුහුවෙමින් රජරට ගුවන් විදුලිය ජනතාවට වඩාත් සමීප වැඩසටහන් රැසක්ම එවක ශ්‍රාවකයන් වෙත සමීප කොට ඇත්තේ නවමු අත්දැකීමක පහස නොඅඩුව පිරිමනමිනි. එතෙක් අගනුවර කේන්ද්‍රීයව පැවති ගුවන් විදුලිය මෙසේ ඈත ගම්මැදිවල පය ගසන්නට වීම ශ්‍රාවක අමන්දානන්දයට හේතු වූවා පමණක් නොව ඔවුනට එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නැවුම් අත්දැකීමක් වී ඇති බව නොරහසකි.

         මෙම වැඩසටහන් බොහොමයක් සම්පාදනය වී ඇත්තේ ජනහදට වඩාත් සමීපව සත්‍ය දැනුම හා වින්දනය කැටි කළ ගුණාත්මක හා අධ්‍යාපනික සේවාවන් ශ්‍රාවකයා වෙත ලබාදිය යුතුය යන රජරට ගුවන් විදුලියේ තේමාවට මනාව ගැළපෙන පරිදිය යන්න විද්වත් පිළිගැනීම වී ත්බේ. විශේෂයෙන් දශක තුනකට එපිටින් ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් ඉදිරිපත් කළ පිලේ පැදුර හා සමාන ආකෘතියක් හා අන්තර්ගතයකින් යුත් කාලීන වැඩසටහන් වත්මන් විද්්‍යුත් මාධ්‍ය භාවිත දක්නට නැතැයි යන්න විචාරක මතය වී තිබේ.එදිනෙදා සමාජයේ සිදුවන සිදුවීම් අපූර්වත්වයෙන් ප්‍රතිනිරිමාණය කළ පිලේ පැදුර වටා එවක ශ්‍රාවකයන් රොඳ බැඳ ඇත්තේ කිසිඳු වයස් භේදයකින් හෝ තොරවය යන්න අද ද අවිවාදිතය.

         දඬුවම් මාරුවක් ලබා 1961 දී රජරට සේවයේ සංගීත අංශයේ ප්‍රධානියාව ආ සොඳුරු මිනිසා දිවංගත විශාරද ගුණදාස කපුගේ මහතා රජරට ආධුනික ගායක ගායිකාවන් රැසකට සංගීත කරළියට ඒමට මඟ හසර පාදා දුන්නේ ය යන්න අදද අපමණ දෙනෙකුගේ පිළිගැනීමට පාත්‍රව පවති. ගුණදාස කපුගේ සහා ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් එක්ව දියත් කළ නව රැල්ල, නව පදමාලා, ස්වර මාධවී, සරල ගී වැනි වැඩසටහන් හරහා ස්වතන්ත්‍රී ගී නිරිමාණය කරමින් මෙසේ කරලියට ආ කලාකරුවන් ගණනාවකි.වර්ථමානයේ විවිධ ජනප්‍රිය කලා මාධ්‍යන් තුළ නිතර දකින ඇගයීමය ලක්වන අපමණක් ශිල්පීන් රජරට ගුවන් විදුලිය ඔස්සේ ක්ෂේත්‍රයට පිවිසි අයවලුන් බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. සමහරෙකු අද පසුවන ප්‍රබුද්ධ පසුබිමෙයි හිඳ තම කලා දිවියට අත්පොත් තැබූයේ රජරට ගුවන් විදුලිය හරහාය යන්න පැවසීමට තරම්වත් කෘතවේ දී නොවන බව ද පවසන්නකි. 1989 භීෂණ යුගයේ රජරට සේවයේ සහන නිවේදකයෙකු ලෙස ද කටයුතු කොට ඇති ජනප්‍රිය ගායනාව්දී කරුණාරත්න දිවුල්ගනේ මහතා රජරට සේවය හරහා ගායන ලොවට පිවිසියේ කපුගේ ශූරීන් කැපූ මඟ ඔස්සේ නිවරැදිව පා තැබීමෙන්ය. ජයතිලක බණ්ඩාර, නිශාන්ත මුණසිංහ, කුමුදුණී ගුණවර්ධන, ජානකී සුමිත්‍රා දිසානායක, වික්ටර් ලියනගේ, සේනානායක වේරලියද්ද, ක්‍රිශාන්ත එරන්දක වැනි අය රජරට සේවය මඟින් බිහි වූ එවැනි කුසලතා පූර්ණ ගායක ගායිකාවෝ කිහිප දෙනෙකි.

           පල්ලේගම හේදරතන හිමි, මහින්ද චන්ද්‍රසේකර, රංජිත් රූපසිංහ, රෝහණ දංදෙනිය, කරුණාරත්න ජයතිලක, සීතා රංජනී, නිමල් ආනන්ද වැනි ගී පද රචකයන් ද සිරිල් පෙරේරා, නාලක අංජන කුමාර, උපාලි ජයලත්, චන්ද්‍රපාල කුරුවිටගේ, සෝමදාස සූරිආරච්චි වැනි සංගීතවේදීන් ද රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ රජරට ගුවන් විදුලිය ඔවුන්ගේ කුසලතා ඔප දැමීමට මඟ හසර එළිපෙහෙළි කිරීමෙනි. වර්ථමානයේ වේදිකාවේ නිතර දකින මහින්ද පතිරගේ සහා ගුණදාස මදුරසිංහ දෙපළගේ ගුරු ගෙදර වී ඇත්තේ ද රජරට ගුවන් විදුලියමය. අද වනවිට ද බොහෝ වැඩසටහන් සංරක්ෂණය කොට ඇති තැටි ගබඩාව රජරට සේවය සතු සම්පත්ව පවතී.

        කාලානුරූපීව නූතන සමාජ, දේශපාලනික හා ආර්ථික තත්වයන් සමඟම මහජන සේවයක්ව පැවති ගුවන් විදුලියට විවිධ අභියෝග සහා බාධකවලට මුහුණ පෑමට සිදුව තිබේ. දැනුම, යහපත් රසවින්දනය පසෙකලා මුදල් මත පදනම් වූ විසල් ලෝකයක ශ්‍රාවකයින් අතරමං කිරීමේ වෑයම කරලියට පැමිණ ඇත. මේ අභියෝගය වර්තමානය වනවිට සිහිල් වෑදිය නිල්ල හා සිරිමා බෝ සමිඳු පිස හමා ආ මඳ පවනේ පහස විදිමින් පුරා දශක හතරකට අධික කාලයක් වියපත්ව ඇති රජරට සේවයට ද සාධාරණව පවතී.



 


Sunday, October 11, 2020

වාරණය.

 

              වාරණය. 
  
            වාරණය යන්න සරල අදහස ලෙස නිර්මාණයක් නීතිමය තහනමකට යටත් කිරීම දැක්විය හැකි ය. පාලනය කරනු ලබන පිරිසක් හෝ එම පිරිස විසින් පනවනු ලබන මණ්ඩලයක් විසින් හෝ ජනතාවගේ හිතසුව පිණිස වාරණ නීති මාලාවන් වරින් වර පනවනු ලබයි. ඒ අනුව ඇතැම් ලේඛන පරික්ෂා කිරීම තහනම් කිරීම, ඇතැම් ජන මාධ්‍ය පාලනය කිරීම හා ඒවා මඟින් ප්‍රකාශ කරනු ලබන දේ පාලනය කිරීම හෝ තහනම් කිරීම යන කාර්යයන් ක්‍රියාත්මක වේ යැයි මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් වාරණය නිර්වචනය කරයි.

 

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය වාරණය යන්න මෙසේ දක්වයි.

 

ලිපි හෝ වාර ප්‍රකාශන, නාට්‍ය, සිනමා ආදිය පරීක්ෂා කිරීමේ හා සදාචාරයට විරුද්ධ වූ හෝ වෙනත් අයුරකින් අහිතකර වූ දෙය දුරාචාරය ලෙස සලකා ඔිනෑම දෙයක් කපා හැරීමේ බලය වාරණය වේ

 

වාරණයේ ප්‍රභේද ගණනාවක් ඇත.ඉන් කිහිපයක් ලෙස,
·        රාජ්‍ය වාරණය.
·        හමුදාමය වාරණය.
·        අන්තර්ජාල වාරණය.
·        රූපවාහිනී වැඩසටහන් වාරණය.
·        ආගමික වාරණය.
·        සිනමා වාරණය.
·        ගීත,සංගීත වාරණය.
                                                                                                       දැක්විය හැකි ය.
              මෙහි දී අප සාකච්ඡා කිරීමට ප්‍රමුකත්වය ලබාදෙනුයේ මාධ්‍ය වාරණය සම්බන්ධවයි.මුද්‍රිත මාධ්‍ය, ශ්‍රව්‍ය මාධ්‍ය, ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය, නව මාධ්‍ය ආදී සෑම මාධ්‍යක්ම ග්‍රාහකයා වෙත සන්දේශ රැගෙන යාමට පෙර විවිධ වාරණයන්ට සන්දේශය භාජනය කරනු ලබයි.
 
 
ලංකාවේ මුද්‍රිත මාධ්‍ය තුළ සිදු කර ඇති වාරණයන්ට නිදසුන් කිහිපයක් නම්,

 

  • 1915 දී යුධ නීතිය පාදක කර ගනිමින් අධිරාජ්‍ය විරෝධී ලිපි පළ කළා යැයි සරසවි සඳරැස පුවත්පත වාරණයට ලක්කර තිබේ.
  •   සිංහල බෞද්ධයා, සමසමාජ පුවත්පත ද පසුකාලීන ව වාරණයට ලක් කර තිබේ.
  •   1968 දී ටෙනිසන් පෙරේරාගේ දැති රෝදෙන් උපන් කෘතිය වාරණයට ලක් වීම.මෙහි යොදා තිබෙන නාමය හේතුවෙන් බුදුන් වහන්සේට හා ආගමට අපහාසයක් යැයි සඳහන් කර මෙම පොත වාරණය කර තිබේ.නමුත් මෙයි අඩංගු වී ඇත්තේ කාර්මික සමාජ විප්ලවයක් පාදක කරගත් කතායකි. මෙම කෙටිකතා සංග්‍රහයේ පිටපත් සායල්ල රාජසන්තක කිරීමටත් ඉන් ලැබුණු ආදායම් සියල්ල රජයට ලබා ලැනීමටත් කටයුතු කර ඇත.
  •  2000 දී මංජුල වෙඩිවර්ධනයන්ගේ මේරි නම් වූ මරියා නම් කෙටිකතා සංග්‍රහය වාරණය වී ඇත. මෙම පොත තහනමට හේතුව වශයෙන් සඳහන් කරන්නේ පොතේ කවරයේ කොන්තයක් සහිත අඩනිරුවත් කාන්තා පින්තූරයක් තිබීමයි. 
  •  2017 දී මෙරට යාපනය රේගු දෙපාර්තමේන්තුව දෙමළ භූමිය නම් දීපච් චෙල්වන් රචනා කළ කෘතිය කතුවරයා වෙත භාර නොදී වාරණය කර ඇත.
  •  මෑතකාලීනව කේ.කේ ශ්‍රීනාත්ගේ බුදුන්ගේ රස්තියාදුව කෘතිය වාරණය.
                                                                                                                 දැක්විය හැක.
ලාංකේය සිනමාවේ සිදු කර ඇති වාරණයන්ට නිදසුන් කිහිපයක් ලෙස,

 

  • සිනමා වාරණය සම්බන්ධයෙන් ලංකාවේ මුල්වරට මහජන ප්‍රදර්ශනයට තැබීම තහනම් වූ චිත්‍රපටය නූර්බායි විසින් 1921 දී ගෙන්වන ලද ලයිට් ඔෆ් ඒෂියා නිහඬ ඉන්දීය චිත්‍රපටියයි.
  •  ලංකේය සිනමාවේ මුල්වරට තිරගත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වූ චිත්‍රපටය 1960 දී එල්.එස් රාමචන්ද්‍රන් විසින් අධ්‍යක්ෂණය කරන ලද නළගන චිත්‍රපටයයි.
  • 1979 දී ශිවන්ත අර්ථසාද් නිර්මාණය කළ දුටුගැමුණු චිත්‍රපටය වාරණය කිරීම.
  •  1981 දී ගාමිණී ෆොන්සේකා අධ්යක්ෂණය කළ සාගරයක් මැද එම දශකයේ වඩාත් ආන්දෝලනයට තුඩු දුන් තහනමක් සහිත සිනමා නිර්මාණයකි.
  •  1997 දී ප්රසන්න විතානයන්ගේ පුරහඳ කළුවර චිත්‍රපටය වාරණය.මෙය සිංහල සිනමාවේ නිර්මාණ නිදහස හා වාරණය පිළිබඳ හැරවුම් ලක්ෂයක් සනිටුවහන් කරයි.2001 දී මෙය නැවත මහජන ප්‍රදර්ශනය ආරම්භ කර ඇත.
  •  අශෝක හඳගමයන්ගේ අක්ෂරය චිත්‍රපටය වාරණය.මෙය කිසිදාක ලංකාවේ ප්‍රදර්ශනය කර නොමැත.
  •  සත්‍යජිත් මාඉටිපේ අධ්ක්ෂණය කළ බොරදිය පොකුණ සිනමා කෘතියේ වැඩ 2004 දී අවසන් වන නමුත් 2010 වසර තෙක්ම රැඟුම්පාලක මණ්ඩල අවසරය නොලැබෙන අතර 2015 දී මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරයි.
  •  ප්‍රවීණ සිනමාවේ දී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඩයි චිත්‍රපටය වාරණය කිරීම.
  •   සංජීව පුෂ්පකුමාරයන්ගේ ඉඟිලෙන මාළුවෝ චිත්‍රපටය වාරණය කිරීම.
  •  විමුක්කි ජයසුන්දරයන්ගේ සුළඟ එනු පිණිස සිවිල් හා දේශපාලනික පහර දීම් හේතු කරගනිමින් වාරණය.
රූපවාහිනී මාධ්‍ය විවිධ වූ වාරණයන් සිදු කර ඇත.

 

  •  ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ සත්යාගාරය සඳහා පෙරටුගාමී පක්ෂයෙහි කුමාර ගුණරත්නම් සහභාගී වූ වැඩසටහන විකාශනය අවලංගු කිරීම.
  • කෝපි කඩේ ටෙලි නාට්‍යයේ එක් කතාංගයක් වාරණය.
  • 1990 දී අවසඳ චිත්‍රපටය වාරණය.
                    එසේ ම මෑත කාලයේ නව මාධ්‍ය හා සම්බන්ධව ද වාරණයන් සිදු විය. ඊට නිදසුනක් ලෙස මුස්ලිම් සිංහල ආරවුල පදනම් කර ගන්මින් සමාජජාලා මාධ්‍යන් වූ ෆේස්බුක්, වට්ස්ඇප්, ඉමෝ ආදිය වාරණය දැක්විය හැකි ය.

 

මේ ආකාරයට විවිධ වූ හේ තූන් මත මාධ්‍ය වාරණය සිදු කරනු ලබයි.

 



Wednesday, October 7, 2020

කොරෝනා නුඹ හරි පුදුමයි.

 

       කොරෝනා නුඹ හරි පුදුමයි.

ආරම්භයේ දී

මිනිසුන් අතරමං කළ

කොරෝනා නුඹ හරි පුදුමයි


ටික කලෙකින් 

මිනිසුන්ට ජීවිතය පසක්

කර දුන්

කොරෝනා නුඹ හරි පුදුමයි


සති මාස කිහිපයක්

ගෙවී ගිය තැන

සිදු වූ සියල්ල 

මිනිසුන්ට අමතක කර දුන්

කොරෝනා නුඹ හරි පුදුමයි


මේ මොහොත වනවිට 

මිනිසුන්ට ජීවිතය ගැන 

තැතිගැන්මක් ලබා දුන්

කොරෝනා නුඹ හරි පුදුමයි


අපේ හීන දවසින් දවස

ඈතට රැගෙන යන

කොරෝනා නුඹනන් ඇත්තටම පුදුමයි

Monday, October 5, 2020

සිංහල ජනකවිය.

 

          සිංහල ජනකවිය

         අතීත ජනයා තමන්ගේ  කාන්සියත්,වෙහෙසත් නිවා ගැනීම සඳහා යොදාගත් ජනකවිය  විවිධ ක්ෂේත්‍රයන්,වෘත්තීන් ඔස්සේ නිර්මාණය වී ඇත. මෙම ජන කවි ගැමියාගේ ස්වයං නිර්මාණ වශයෙන් දැක්විය හැක.සෑම සාහිත්‍යෙක ම වාගේඋගත් කවීන්ගේ මෙන් ම ජන කවීන්ගේ නිර්මාණ දක්නට ලැබේ. සිංහල කවීන්ගේ ද මේ ස්භාවය ඇත. උගත් කවීහු සම්මත විවරණ රීති හා ඡන්දස් අලංකාර රීතීන්ට අනුගත වෙමින් නිර්මාණකරණයේ යෙදෙති. සම්භාව්‍ය කාව්‍ය ගණයෙහිලා සැළකෙන සිළුමිණ, සසදාවත යන ගී කාව්‍යන්ගේ පටන් සන්දේශ කාව්‍ය ආදී බොහෝ පැරණි කෘතීන්හි නිරූපණය වන්නේ විදග්ධ කාව්‍ය රීතියයි. 

         ජනකවිය බිහි වූයේ විධිමත් අධ්‍යාපනයක් නොලබනා ලද සාමාන්‍ය ගැමි ජනයා අතුරෙනි. යම්කිසි ජන කොට්ඨාසයක සිතුම් පැතුම්,ජීවනෝපාය,ආගමික පෝෂණය හා ගැමි සෞන්දර්යය ද කවිය මඟින් හෙළි විය.ජනකවි ජනශ්‍රැති විශේෂයක් ලෙස ද සැළකේ. ඊට හේතුව තාලාන්තරයක් මුළුල්ලෙහි නිර්මාණය වී ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට අලිඛිතව පැවත ඒමයි. පැල් කවි, පාරු කවි,නෙළුම් කවි,පතල් කවි ආදී විවිධ ජනකවි ප්‍රභේද අද ලිඛිත ව ඇතත් මේවා අපට උරුමව ඇත්තේ කටින් කට පැතිරෙමින් පරපුරෙන් පරපුරට ආරක්ෂා වූ නිසා ය. සිංහල ජනකවි අතරට ගැනෙන ලිඛිත ජන කාව්‍ය ග්‍රන්ත කිහිපයක් ද ඇත. යශෝධරාවත, වෙස්සන්තර ජාතක කාව්‍ය, ගජමන් නෝනා යනු ඒවාය.

     වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් සරල කෘෂිකාර්මික සමාජය ජනකවිය සඳහා උල්පත විය. ගොයම් කවි,නෙළුම් කවි,පැල් කවි, කුරක්කන් කවි ආදී වශයෙන් ජනකවියෙහි විවිධ ස්වරූප අපට දැකිය හැක්කේ හේන් හා පැල ඇසුරු කොටගෙන ය.ගැමි කතුන් ගොයම් පැල සිටුවීම,වල් පැල ඉදිරීම ආදී දර්ශනයන් උපයෝගී කරගෙන සහජ කුසලතා බවින් පිරිපුන් ජන කවියෙකුගේ අතින් රසවත් කවියකට පෙරළී තිබේ.එසේ ම ගොවීන් පැල් රැකීමේ දී සිය පාළුව,කාන්සිය අනෙකාට ප්‍රකාෂ කළ විශිෂ්ට කලාවක් ලෙස ජනකවිය හැඳින්විය හැකිය.

පැල් කවි.

ලස්සන හිමවතේ මා වී 

පැසෙන්නේ

දුක්දෙන අලි ඇතුන් පන්නා

හරින්නේ.ත

රැක්මෙන දෙවියනේ වෙල බත්

බුදින්නේ

දුප්පත්නම නිසයි මම පැල්

රකින්නේ.

නෙළුම් කවි.

තෙල් ගාලා හිස පීරන්

නෑනෝ

ඇටවැල අරගෙන බැඳගන්

නෑනෝ

සේලේ ඉණවට ඇදගන්

නෑනෝ

ගොයම් නෙළන්නට අපි යමු

නෑනෝ.