රබාන පිළිබඳ සන්නිවේදනාත්මක අධ්‍යයනයක්.
රබාන යනු මෙරට
ජනයා අතර ප්‍රචලිත සරල සංගීත මෙවළමකි. විවිධ තාල තරංග වාධ්‍ය භාණ්ඩ අතර සරලම මාධ්‍ය
රබාන විය හැකිය. බෙර දවුල්, තම්මැට්ටම, උඩැක්කි ආදිය මෙන් ම එකැස් බෙර නිර්මාණ අතර
ද රබාන සුලබ, සුමට නිර්මාණයක් වී ඇත. එබැවින් ප්‍රභූ සමාජ සම්මත වාද්‍ය මෙවලමකට
වඩා එය වීදියේ ගායකයාගේ, යාචකයාගේ සිට සාමාන්‍ය මිනිසුන් අතර භාවිතයට ප්‍රවිශ්ටව
ඇත.
ශ්‍රී ලංකාවේ
මුල්වරට රබන් වාදනය යොදා ගැනුණේ මහා විජයබාහු රජතුමා විවාහ වන අවස්ථාවේ දී එහි
මංගල උත්සවය සඳහා බව, රබන් කවිවලින් අනාවරණය වේ.
(
ගුණසේකර,2012,117)
ලංකාවේ
දකුණුදිග ප්‍රදේශයෙන් අත් රබන් වාදනය ප්‍රභවය ලැබූ බවට අදහසකි. නැකුළුගම් ප්‍රදේශය
විශේෂයෙන් රබන් ගී පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලයි. රබන් වාදනය කරමින් නොයෙකුත් ගී
සින්දු ගායනය කරනු ලබයි. රබාන ඊශ්වර දෙවියන්ගේ නිර්මාණයකි. ඊශ්වර දෙවියන් තමන්
දුටු සිහිනයක් අනුව, තමන්ම හිදයට ගොස් සඳුන් ගසක් කපා එය කැබලි කර, එහි වටය
වඩුරියනෙන් මැන, අදාළ ප්‍රමාණයේ වට්ටුවක් ගෙන රබන් රෝදය සාදා, එය කරේ දමා ගෙනවිත්,
එහි මළ සතෙකුගේ සමක් යොදා, සම්පටි වටේට තබා පිත්තල ඇණ ගසා, බුරුල් හැර සම තද කොට,
තන් දිනක් පවනේ තබා වේලා ගෙන එය වාජ්ජම් කොටගත් ආකාරය රබන් උපත පිළිබඳ කවිවල
දැක්වේ.
රබන් වාද්‍ය
ශිල්පියෙහි අත් සරඹ දොළසක් ද තාලම් තිස් දෙකක් ද සව්දම් හැට හතරක් ද ඇති බව
දක්වයි. එසේ ම සුරල් විසි එකක් ද, පොඩි සුරල් විසි හතක් ද යොදා ගනී. රංඟන හතලිස්
අටක් ඇති අතර එහි අගමුලක් නැතත් විසිතුරු බව කියවේ. දෙසිය දොලසක් රැඟුම් මුල්
කරගෙන ඊශ්වර දෙවිදුන්ගේ උපදෙස් මත පන්සිළු ගාන්ධර්වයා විසින් ආරම්භ කළ රබන් සරඹ
කෙමෙන් මිනිසුන්ට හුරු පුරුදුවූ බව කියවේ.
එහෙත්
විශේෂයෙන් රබන් වාදනය කරමින් ගායනා කරනු ලබන්නේ “ විරිඳු ” ය. අද විරිඳු වාදනය
සාමාන්‍ය ජනී ජනයා අතර සිදු වේ. බස් රථය වැනි මහජනයා ගැවසෙන ස්ථානවල කාලීන සමාජ ප්‍රශ්නයක්
හෝ වෙනයම් අතීත සිදුවීම් අලලා ප්‍රබන්ධිත විරිඳු ගායනාව සාමාන්‍ය සංසිද්ධියකි. එය
යාචකයින් මුදල් උපයා ගන්නා මාධ්‍යයක් බවට ද පත් කරගෙන ඇත. එහෙත් මෙහි විරිඳු යනු
විරුද කාව්‍ය හෙවත් විරුදාවලී ලෙස හඳුන්වන ව්‍යවහාරය ඔස්සේ නිර්මාණය වූවකි.
විරුදාවලී
හෙවත් ප්‍රශස්ති ගායනය රාජ සභාවල හෝ ප්‍රභූ සභාවල සිදු වූවකි. එවැන් ගායනවලට අදාළ
තාල ශබ්ද තරංග නිපදවා ගනු ලබන්නේ රබන් වාදනය කරමිනි. රජුගේ තේජස, කීර්තිය,
වීරත්වය, ගුණවත් බව, පරිත්‍යාලශීලී බව ආදී ගුණාංග රබන් වයමින ගායනා කරන්නේ රජු
සතුටට පත් කිරීමට රාජසභා කවියන්ගේ කාර්යය භාරය විය. ස්ත්‍රෝත්‍ර ගායන ලෙස ද මෙය
හඳුන්වන ලදි. මෙරට ප්‍රශස්ති කාව්‍ය ලෙස රචනා වී ඇති කෘති අතර පැරකුමබා සිරිත, මහ
හටන, ඇහැළේ පොල හටන, ඇහැළේ පොල වර්ණනාව ආදී කෘතිවල පද්‍ය නිබන්ධ රිද්මයන් හො
විරිත් එසේ රාජ සභාවල රබන් වයමින් ගායනා කළ හැකි බව සිතිය හැකිය.
ශබ්ධ මාධූර්ය
සහිතව අදාළ ගායනාවන් ඔප්නැංවීමට පහසුවෙන් සරලව මෙන් ම ජංගමශීලීව යොදා ගත හැකි මාධ්‍ය
වූයේ රබානය. රබන් වාදන පංචාංගයක් පිළිබඳව ද සඳහන් වේ.
- සත්‍රෝත්‍ර ගායන හා
උපන් කවි.
- තහංචි පද හෙවත් තහංචි
ගායනා.
- නැටුම් සහිත රබන්
වාදනය.
- රබන් පෙරළිය (ද්විත්ව
කණ්ඩායම් මතින් සිදු කරන)
- රබන් කැරකැවීම හා
විරිඳු රබන් වශයෙනි.
එසේ ම රබන් වර්ග කීපයක් භාවිත කරන බව ද පෙනේ.
- මහ රබාන හෙවත්
බංකු රබාන
- අත් රබාන
- මේවර රබාන
- සිල්ලු රබාන
එබැවින්
මහනුවර රාජ සභාවේ පමණක් නොව ඉන් පූර්වයෙහි දීර්ඝ කාලයක් තිස්සේ රබන් වාදනය ප්‍රචලිතව
පවතින්නට ඇති බව සිතිය හැකි ය. විජය ලංකිවට පැමිණි කල්හි සිරස වස්තු පුර හා ලංකා
පුර යක්ෂයින් විසින් ගායන වාදන සහිත ප්‍රිය සම්භාෂණයක නිරතව සිටි බව කියවේ. එසේ
නම් එවැනි සභාවල පවා අනිවාර්යෙන්ම මෙවැනි සරල මාධ්‍යක් භාවිත කරන්නට ඇතැයි අනුමාන
කිරීම අසාධාරණ නොවේ. ඉන් ප්‍රකට වන්නේ රබන් වාදනය දුරාතිතයේ පටන් මෙරට ජනයා අතර
හුරු පුරුදුව පැවති බවයි. රාජ සභා සේ වී රබාන මෙන් ම විවිධ උත්සව, පෙරහැර මංගල්‍ය
ආදියේ සුලබව දැකිය හැකි ය. ඒ සඳහා පළපුරුදු රබන් වාද්‍ය හා නර්තන කණ්ඩායම්, ලංකාවේ
විවිධ ප්‍රදේශානුගතව ව්‍යාප්තව සිටී. විවිධ රංගනවල යෙදෙමින් රබන් කරකවමින් රබන් ගී
ගායනා කිරීම ද සිදු වේ.
රබන් ගැසීම
එක්තරා ආගමික යාතු කර්ම හා ශාන්ති කර්ම හා සම්බන්ධ ව්‍යවහාරයක් බව ද ප්‍රකට වේ.
එහි දී ගායනා කරන ලද්දේ රබන් ගී ය.
කිම ද මලේ
බමරිඳු රොන්
ගෙනියනවා
සබඳ කලේ බුදු
රැස් කඳ
විහිදෙනවා
තෙරිඳු බලේ
සැම තැන් වල පැතිරෙනවා
වෙළඳ කුලේ නයි
රූපය දිලිසෙනවා
(ජනක බණ්ඩාර
ජයලත්, සංගීතය, පිටුව 50)
මෙම රබන් ගී
ජන පරම්පරානුගතව පවත්වාගෙන එන බැවින ඒවා ජනශ්‍රැති ක්ෂේත්‍රයට ද අයත් වේ. ජන ගී
පිළිබඳ අධ්‍යනවල දී රබන් ගී අයත් වන්නේ ආඝාතාත්මික ප්‍රබන්ධ ගණයට ය.
එසේ ම
ස්වදේශිකත්වය රබන් මාධ්‍ය භාවිතය මංගලෝත්සව, ආගමික හා ජාතික උත්සව ආශ්‍රිතව භාවිත
වන්නේ, ප්‍රමාණයෙන් විශාල වූ රබන් වාදනය කිරීමෙනි. රබන් කරු නමින් හඳුන්වන කරු
තුනක් මත රඳවන ප්‍රමාණයෙන් විශාල රබානක්, කුඩා කණ්ඩායමකි එක් වී වාදනය කරයි. විටෙක
අත් රිද්මයානුකූලව හසුරවමින් ද, නැගිට සරල නර්තන විලාශ කරමින් ද රබන් වාදනය කරනු
ලබයි. විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්ද සංකේතවත් කරන මාධයක් ලෙස රබන් වාදනය
හැඳින්විය හැකි ය. එහි දී උපයෝගී කර ගන්නේ රබන් පදය. මෙරට ප්‍රචලිත රබන් පද
රාශියකි. ඒවා සරල රිද්මික ප්‍රකාශයන් ය. ග්‍රාමීය සමාජය හා බද්ධවන සරල සංසිද්ධීන්
විටෙක හාස්‍ය ද තවත් විටෙක උපහාසය ද මුසු කර රචනා කර තිබේ.
උඩින් උඩින්
වර පෙත්තප්පූ.....
උඩ පල ගත්තත්
වට්ටක්කා.....
වත්තේ නැන්දගෙ
රෙද්දෙ තුත්තිරි.....
තේක්ක නැන්දේ-
තේක්ක නැන්දේ.....
රන් රඹුටන්
ගස් දෙකයි......
ආදී වශයෙන් ප්‍රචලිත
රබන් පද වාදනය කරමින්, විනොදාස්වාද සන්නිවේදනයක නිරත වේ. එබැවින් රබාන යනු මෙරට ජන
සංස්කෘතියේ ද ජන ජීවිතයේ ද ප්‍රබල අංගයක් බව දැක්වීම සිධාරණය.
මිල්ලගල නන්දන, (2018), ජනශ්‍රැති විමංසා, සමන්තී පොත් ප්‍රකාශකයෝ